කිරි දුන්නේ දරුවන්ටයි | Kiri Dunne Daruwantai | Wele Suda | Sinhala song

1 year ago
10

In this video you can see Nihal Nelson Songs, live performed With All Right Kiri Dunne Daruwantai Siruren ( කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ ) song an outdoor musical show, Nihal Nelson sings his song "Kiri Dunne Daruwantai Siruren". Right after hearing this song, if you give up eating beef, it will undoubtedly be a great opportunity for you to be reborn in life.එපා එපා මස් කන්නට කිරි අම්මාගේ.

✴✴✴✴✴✴ Kiri Dunne Daruwantai Lyrics ✴✴✴✴✴✴

කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ
පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
එපා එපා මස් කන්නට කිරි අම්මාගේ...

අහිංසක තිරිසන් ගවයාටත් පණයි තියෙන්නේ
එවන් සතෙකු අහෝ අකාලයේ කිමද මරන්නේ
ටිකක් හිතල බලනු ඌ පිරිසිදු තණකොල කන්නේ
නමුත් මිනිසත් බව ලැබු ඔබ
ඇයි මලකුණු කන්නේ

කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගවමස් උයලා
බලනු තුන්සිය හැටපහ වැඩිකර තිස්පහ යොදලා
ගණන දොළොස් දහස් හත්සිය හැත්තෑ පහක් වෙලා
ඔබට තේරුනාද ඔබ කල පව් දුර දිග නොබලා

මුදල් තන්හාවෙන් සමහරු ගවයා විකුණන්නේ
අහිංසක සතකුගෙ ඉරණම ඉන්පසු විසදෙන්නේ
යලිත් ඒ මුදලින් මස් ගෙනවිත් රස කර කන්නේ
තමන් විකුණූ ගවයගෙ මස් බව ඔහු නෑ දන්නේ

ගිතෙල් මී කිරි එළකිරි පස්ගෝරස සපයන්නේ
ඉවතලන පොහොරින් මහ එළවලු කොටු සරුවන්නේ
මෙවන් සතකුගෙ මස් නොකන අයට සෙත සැලසෙන්නේ
එවන් පිරිසුදු හදවත් තුල
දෙවියන් වැඩ ඉන්නේ

කිරි දුන්නේ දරුවන්ටයි | Kiri Dunne Daruwantai | Wele Suda | Sinhala song
#Kiri_Dunne_Daruwantai #Nihal_Nelson_Songs #allright_live_show

Loading comments...