නිර්දයවන්න | Be Relentless | Sinhala Motivation

3 years ago
3

නොහැක්කක් නොමැත තිබුනොත් අදිටනක්
නිර්දයවන්න කෙතරම් වැරදුණත්
ගමන කටුක වුවද තිබුනොත් සැලසුම්ක්
ගෙනයයි ඔබව බාධක මැඩලමින්

හැම පියවරක්ම අසාර්ථක වුණත්
ලැබෙන අත්දැකීම් වටි මහමෙරක්
සිතුවිල්ලට පමණක් නැත මහ ඉඩක්
ක්රියා කළ යුතුය රෑ දවා රැසක්

පරාජිතයන් දොඩන අඩුපාඩුවලින්
ඵලක් නැත දැනෙන පසුතැවිලි වලින්
උගුලා දමන්න සැකය මුළුමනින්
ආත්ම විශ්වාසය තබන්න පෙරමුණින්

පෙරටත් අදටත් මතුවන හෙටටත්
එළියක් වන්න වටින් ඉන්න පොදුජන හැමටත්
බලය ශ්රමය දැනුමගෙන ගොඩනගන්න මනසක්
හැකිවෙයි මුහුණ දෙන්න බාධක හෙන ගැහුවත්

වැටුණත් ගැටුණත් ලොවම කඩා හැලුණත්
නැගිටින්න උද්යෝගීව ඔබේ හද සැලුණත්
විශ්වාසය පලිහ ලෙස තබාගෙන පෙරට යන්න
ගිනිමැල තුළින් පුළුස්සන්න තැත් කෙරුවත්

නොහැක්කක් නොමැත තිබුනොත් අදිටනක්
නිර්දයවන්න කෙතරම් වැරදුණත්
ගමන කටුක වුවද තිබුනොත් සැලසුම්ක්
ගෙනයයි ඔබව බාධක මැඩලමින්

හැම පියවරක්ම අසාර්ථක වුණත්
ලැබෙන අත්දැකීම් වටි මහමෙරක්
සිතුවිල්ලට පමණක් නැත මහ ඉඩක්
ක්රියා කළ යුතුය රෑ දවා රැසක්

පරාජිතයන් දොඩන අඩුපාඩුවලින්
ඵලක් නැත දැනෙන පසුතැවිලි වලින්
උගුලා දමන්න සැකය මුළුමනින්
ආත්ම විශ්වාසය තබන්න පෙරමුණින්

ඔබටත් රටටත් නව පරපුරටත්
වැඩදායි වැසියෙක් වන්න
ආදර්ශමත් මිනිසෙක් වන්න
දූෂණයට හඬ දෙන්න
අසාධාරණයට නැගී එන්න
ආදරයට යටත් වෙන්න
සත්යයට පණ දෙන්න

නැවතත් නැවතත් මැඩලන බැලුවත්
සුන්බුන් තුළින් මතු වෙන්න
යෝධ බලය දැන් පෙන්වන්න
ධෛර්යය මහමෙර ලෙස ඇති බව තේරුම්න්න
ඔබේ උත්සාහය දිනක ජයගනු නියතය

Loading comments...